spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති නිසා ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

මේ අදහස් පළ කෙරුණේ ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාව පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදීය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටළු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට කැඳවා තිබිණි.

විශේෂයෙන් E-Governance සංකල්පය යටතේ සියළු රාජ්‍ය ආයතන එක් කරන ජාලයක් තවමත් සකස් කර ගැනීමට නොහැකි වීම සහ එම ප්‍රතිපත්තිය කඩිනමින් සකස් කොට රාජ්‍යය, පුරවැසියා සහ ව්‍යාපාරිකයා අතර දුරස්ථභාවය අවම කරගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැටළු ගණනාවකට මුහුණදෙමින් සිටින බවත් ඒ අතර වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත වෘත්තීකයන් ගේ ශ්‍රමය රටින් පිටතට ගලා යාම ප්‍රධානතම ගැටළුව බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?