spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව මිලියනය පනී

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව මේ වනවිට මිලියනය ඉක්මවා ඇති බව බලශක්ති අමාත්‍යාංශය කංචන විජේසේකර පවසනවා.

රථවාහන හිමියන්ට සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචියට අවස්ථාව ලබාදීම පසුගිය 16 වනදා සිට ආරම්භ කළා.

ඒ, අනුව අදාළ ජාතික ඉන්ධන බලපත්‍රය හිමි රථවාහන හිමියන් වෙත කෝටාවක් සහිතව සතිපතා ඉන්ධන නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

fuelpass.gov.lk ටන වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.

මේ අතර ඉන්ධන බෙදාහැරීම සිදුවන්නේ Ceypetco ඉන්ධන පිරවුම්හල් අසල ඇති වාහන පෝලිම් ඉවත් කිරීමෙන් පසුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

එමෙන්ම ත්‍රිකුණාමලය ඉන්ධන බෙදා හැරීමේ පර්යන්තයෙන් බවුසර 125ක් මඟින් පෙට්‍රල් ලීටර් මිලියන දෙකක් අද (18) දිනයේ දී බෙදාහරින බව ලංකා අයි.ඕ.සී සමාගම සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?