spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ ට ලියාපදිංචිවීමේ දී පැවති තාක්ෂණික දෝෂ සකසා අවසන් – ඇමති කංචන

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සඳහා ලියාපදිංචිවීමේ දී පැවති තාක්ෂණික දෝෂයන් මේ වනවිට නිරාකරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඊයේ (16) දිනයේ කටයුතු කරනු ලැබුවා.

එහිදී ආරම්භක මොහොතේදී බොහෝ පිරිසක් එකවර ලියාපදිංචිවීමට උත්සාහකිරීමත් සමඟ අදාල වෙබ් අඩවිය යම් තාක්ෂණික දෝෂයකට ලක් වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් එම තාක්ෂණික දෝෂයන් නිරාකරණය කර මේ වනවිට වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව වාහන හිමියන්ට www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ ලියාපදිංචිවීම සිදු කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
155
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?