ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දීයි සිදු කෙරුණේ.

අනතුරුව ජාතික අධ්‍යාපන අයාතනයේ දී ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.

මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ජපානයේ ත්සුකුබා (Tsukuba) විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති අතර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.

ඔහු ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය, ගුරු වෘත්තීය සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ අත්දැකීම් රැසක් සහිතව ක්‍රියාකාරීව කටයුතු කරන විද්වතෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57