ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ, අනුව ජාත්‍යන්තර බැඳුම්කරවල 28%ක නාමික අඩුකිරීමකට ණයහිමියන් එකඟ වී ඇති බව සඳහන්.

මෙම එකඟතාවය යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ප්‍රධාන කොන්දේසියක් වන්නේ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමයි.

ජාත්‍යන්තර ණයහිමියන් සහ ශ්‍රී ලංකාව අතර වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම එකඟතාවට පැමිණ ඇත්තේ.

ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම සඳහා ගිවිසුමට එකඟ විය යුතු සියලුම බැඳුම්කර හිමියන්ට ශ්‍රී ලංකාව යෝජනාව ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අතර ඩොලර් බිලියන 10ක පමණ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාව පසුගිය ජුනි මස අගදී ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50