ජාත්‍යන්තර පාසැල් අධීක්‍ෂණය සහ නියාමනයට විශේෂ ඒකකයක් පිහිටුවීමට පියවර

ජාත්‍යන්තර පාසැල් පිළිබඳව කටයුතු කිරීමට හා ඒවා පිළිබඳ අධීක්‍ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පිහිටු වීමට අධ්‍යපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා.

මේ සබැඳිව දැනට පවතින නීති රාමුව කාලීන අවශ්‍යතාවයන් අනුව සංශෝධනය විය යුතු බවයි මෙහිදී අනාවරණය වූයේ.

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වුණා.

එහිදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසැල් පිළිබඳවත්, එම පාසැල් පද්ධතිය මඟින් සිසු දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. තවද, ‍මෙම පාසැල් පද්ධතිය තුල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අයිතීන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණා.

තවද, ජාත්‍යන්තර පාසැල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසැල් නියාමනය කිරීම සඳහා අවශ්‍ය නිර්නායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව (National Education Commission) විසින් සකස් කරමින් පවතින බවත් මෙහිදී අනාවරණය වුණා.

ගුරු මාරුවීම් මෙන්ම ගුරු උපදේශක සේවයේ (In service Advisors) පවතින ගැටළු පිළිබඳව ද කාරක සභාවේ දී කරුණු සාකච්ඡා කරන ලද අතර, ඒකී ගැටළු නිරාකරණයකිරීමට ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙසටයි කාරක සභාවේ සභාපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

තවද, රජයේ පාසැල්වල පවතින ගුරු හිඟය පිළිබඳවත් මෙහිදී කාරක සභා‍වේ අවධානයට යොමු වූ අතර, ඉංග්‍රීසි මාධ්‍ය හා උසස් පෙළ පංති සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බව කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, සිසු දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනයට බාධාවක්ව පවතින මෙම ගුරු හිඟය මඟ හරවා ගැනීම පිණිස අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසටයි කාරක සභාවේ සභාපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත්තේ.

දිවයින පුරා පුද්ගලික උපකාරක පංති පවත්වන පුද්ගලික ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර එම ගුරුවරුන්ගේ සුදුසුකම් හා ගුණාත්මකභාවය පිළිබඳව සමාජය තුළ පවතින කතිකාවත පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු කෙරුණා.

ඒ අනුව, පුද්ගලික ගුරුවරුන් නියාමනයකට යටත් කොට ඔවුනගේ වෘත්තිය සඳහා නිසි පිළිගැනීමක් ඇති කර දීම වඩාත් සුදුසු බව කාරක සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත නිර්දේශ කර තිබෙනවා.

වෙනත් රටවල පුද්ගලික ගුරුවන් සඳහා බලපත්‍රයක් (“Teaching License”) ලබා දී එම වෘත්තිය සඳහා වෘත්තීය පිළිගැනීමක් ලබා දී ඇති බව කරුණු අනාවරණය වී ඇති බැවින්, එවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළද අනුගමනය කිරීම වඩාත් උචිත බවයි කාරක සභාව විසින් වැඩිදුරටත් නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ.

එබැවින් එවැනි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව කඩිනම් අවධානය යොමු කර පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් නියාමනය කර ඔවුන් සඳහා වෘත්තීමය පිළිගැනීමක් නීත්‍යානුකූලව ලබා දීමට සඳහා ගත යුතු පියවර පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත දැනුම් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18