ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් විශ්‍රාම දිවියට

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු අද විශ්‍රාම දිවියට එළඹෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9ක් මෙම පිරිසට අයත්.

ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු අද විශ්‍රාම ගැනීමට නියමිතයි.

ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා වන්නි දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ. එම්. යූ. විජිත ගුණරත්න ප්‍රජා පොලිස් සහ ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර ද මෙලෙස විශ්‍රාම යන පිරිසට අයත්.

ඊට අමතරව කෑගල්ල දිසාව භාර චම්පික සිරිවර්ධන බදුල්ල දිසාව භාර කිත්සිරි ජයලාල් අපොන්සු කලුතර දිසාව භාර එස්. ඩී. එස්. පී. සන්දනායක නුවරඑළිය දිසාව භාර එච්. එස්. එන්. පීරිස් සහ බස්නාහිර උතුරු අපරාධ දිසාව භාර ප්‍රිශාන්ත ජයකොඩි යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද අද විශ්‍රාම යනවා.