ජපාන අගමැතිට දුම් බෝම්බ එල්ල කරයි

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට වකයාමා ප්‍රාන්තයේ සයිකසාකි ධීවර වරායේ දී දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (15) එල්ලවූ මෙම ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාට කිසිදු හානියක් වී නොමැති අතර වරායේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටින අතරතුරයි මෙම දුම්බෝම්බ ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 20-30 අතර පුද්ගලයෙකු ජපාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්