AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණයට රුපියල් බිලියන 08ක වියදම් ඇස්තමේන්තුවක්

2024 ජනාධිපතිවරණ වෙනුවෙන් රුපියල් බිලියන 08 කට ආසන්න වියදම් ඇස්තමේන්තුවක් මැතිවරණ මහලේකම් කාර්යාල විසින් මහා භාණ්ඩාගාරය වෙත ඒවා ඇති බව මුදල් රාජ්‍ය ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ,අනුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මුද්‍රණ කටයුතු, ආරක්ෂක කටයුතු, ඉන්ධන, ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවයි.

මේ අතර යම් හෙයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තුගත වියදම වැඩි වුවහොත් ඒ සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් ඇති නොවන බව ද ඔහු සඳහන් කර සිටියා.

පසුගිය අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?