ජනප්‍රිය ඉන්දීය නිළි ඊෂා ආලියා වෙඩි තබා ඝාතනය කෙරේ

ජනප්‍රිය ඉන්දීය නිළියක වන ඊෂා ආලියා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය බදාදා ඊෂා ආලියා අධිවේගී මාර්ගයක දී මෝටර් රථයක් තුළ මෙලෙස වෙඩිතබා ඝාතනය ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඊෂා ආලියා සිය සැමියා සහ දියණිය සමඟ සාප්පු සවාරියක් සඳහා රංචි සිට කොල්කටා බලා යමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතරම මිය යනවිය ඇය 30 හැවිදිරි වියේ පසු වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් ඊෂා ආලියාගේ සැමියා වන ප්‍රකාශ් කුමාර් පවසා ඇත්තේ කිසියම් පිරිසක් විසින් සිය බිරිඳට වෙඩිතබා ඝාතනය කර මුදල් ද කොල්ල කා පලාගිය බවයි.

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊෂාගේ සහෝදරයෙක් විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ මෙම ඝාතනයට ඇයගේ සැමියා වන ප්‍රකාශ් කුමාර්ගේ සම්බන්ධයෙක් ඇති බවයි.

ඊෂාගේ ඝාතනය සහ පොලිසියට ලැබුණු පැමිණිල්ල මත විමර්ශන ඇරඹු පොලිසිය සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දින 12ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවට ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණා.

එමෙන්ම ප්‍රකාශ් කුමාර් විසින් පොලිසිය ලබාදුන් කට උත්තරවල ඇති පරස්පරතා හේතුවෙන් මෙම ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට පොලිසියට සැකයක් පවතින බවයි ඉන්දීය පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40