ජනපති ජාතිය අමතා කළ කතාව ගැන විවාදයක්

ලබන ජූනි 20 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ 20 වැනි අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්ව අතර පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති බවයි.

පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත් වෙනවා. අනතුරුව පස්වරු 5.00ට පමණ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු වනවා.

පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙනා යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

ජුනි මස 21 වැනි බදාදා පෙරවරු 09.30 සිට පස්වරු 5.30 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

අනතුරුව පස්වරු 5.30ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් විවාදයකින් තොරව අනුමත කරගැනීමට නියමිතයි.

ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 – 10.30 කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.

අනතුරුව, පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා, විරුද්ධ පාර්ශවය ගෙනා යෝජනාවකට අනුව 2023.06.01 දින ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට තීරණය වූ බව ද මහලේකම්වරිය ප්‍රකාශ කළා.

ජුනි මස 23 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයන් සදහා ශෝක යෝජනා පළ කිරීමටයි.

මේ අනුව එදින පෙරවරු 09.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ලැරීන් පෙරේරා මහත්මිය, රෙජිනෝල්ඩ් කුරේ මහතා, බුද්ධික කුරුකුලරත්න මහතා සහ මුත්තු සිවලිංගම් මහතා වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමටට කාලය වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40