ජනපති අනුරට අයි.සී.සී සභාපතිගෙන් තුති

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පවසනවා.

ඊයේ (19) දිනයේ ජනාධිපතිවරයා සමඟ පැවති හමුවෙන් අනතුරුව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයක් ගන්නා බවත්, ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අනාගත පරම්පරාවන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට සියලුම පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා සිය එක්ස් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

එමෙන්ම, මෙම හමුවේදී නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථාව තවදුරටත් පුළුල් කිරීම මෙන්ම බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඔහු පවසනවා.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන සහයෝගයට සිය අවංක ස්තූතිය පුදකරන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සිය එක්ස් පණිවුඩය මඟින් දක්වා තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39