ජනපතිගේ හදිසි නීති රෙගුලාසි ගැන අධිකරණයේදී කරුණු දැක්වීමක්

අරගලය පැවති සමයේ වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් විධිමත්ව අනුමත කර ඇති නිසා එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම හදිසි නීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය අම්බිකා සත්කුනනාදන් හා ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් ගොනු කළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩුකරයට පාදක වන හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුව හමුවේ නිසි පරිදි විවාද කර සම්මත කරගෙන තිබෙන බවයි.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව එලෙස සම්මත කරන ලද රෙගුලාසි අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණයට බලයක් නොමැති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.

ශිරාණි බණ්ඩාරනායක එරෙහිව චමල් රාජපක්ෂ නඩු තීන්දුව තුළින් එම කරුණ මනාව තහවුරු කර තිබෙන බවයි ඔහු පැවසුවේ.

යම්කිසි හදිසි නීති රෙගුලාසියක වලංගුභාවය පරීක්ෂා කිරීමට හැකියාව තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණක් බවත් පාර්ලිමේන්තුව විසින් එය විධිමත්ව සම්මත කර ඇති අවස්ථාවක එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු පෙන්වා දුන්නේ මෙම නඩුකරය කිසිසේත්ම මහජන සුභසාධන නඩුකරයක් නොවන බවයි.

ඉන් අනතුරුව රජයේ නීතිඥවරයාගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු අතර වැඩිදුර පෙත්සම් විභාගය ජනවාරි මස 30 වනදා දක්වා තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16