spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරඟ කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවයි සඳහන්වන්නේ.

ඊයේ (02) දිනයේ ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට ද නිර්දේශ හිමිව ඇති බවය.

ඒ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් සියලු පළාත් පාලන ආයතන වෙත ලබාදී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?