යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පිහිටි සමූහ මිනිවළෙන් තවත් මිනිස් සිරුරු 04ක අස්ථි කොටස් හමුවී තිබෙනවා.
කැණීම් නිලධාරීන් පවසන පරිදි, මෙම සිරුරු කොටස් සොයාගත්තේ සමූහ මිනිවළේ සිව්වන අදියරේ කැණීම් වලදී ය.
මේ වන විට, මෙම සමූහ මිනිවළෙන් මිනිස් සිරුරු 115ක අස්ථි කොටස් හමුවී ඇති අතර, ඒ අතරින් සිරුරු 102ක අස්ථි කොටස් ගොඩගෙන තිබෙනවා.
යාපනය මහේස්ත්රාත් අධිකරණ නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කැණීම් කටයුතු සිදුකරන අතර, සිව්වන අදියරේ කැණීම් දින 15ක් සඳහා නියමිතව තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
1
+1















