spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝලීය කුසගිනි දර්ශකයේ රටවල් 121ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමි වූ තැන 

ගෝලීය කුසගිනි දර්ශකයට අනුව රටවල් 121ක් අතුරින් ශ්‍රී ලංකාව 64වන ස්ථානයට පත්ව තිබේ. මෙහිදී එහි පළමු ස්ථාන කිහිපය ඉතා සාධනීය වන අතර, අවසන් ස්ථානයේ පසුවන්නේ සාගින්න දරුණු ලෙස බලපා ඇති රටවල් බවයි එම දර්ශකයේන් දැක්වෙයි.

දර්ශකය පදනම් වී ඇත්තේ මන්දපෝෂණය, ළමයින්ගේ වැඩීම බාල වීම, ළමයින් දුර්වල වීම සහ ළමා මරණ යන දත්ත මතය.

එම දර්ශකයේ ඉන්දියාව ස්ථාන හයක් පසු බැස රටවල් 121ක් අතරින් 107 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්ථානය පසුවන්නේ 109වන ස්ථානයේයි.

අසල්වැසි පාකිස්තානය 99වන ස්ථානයේ, බංග්ලාදේශය 84වන ස්ථානයේ, නේපාලය සහ මියන්මාරය පිළිවෙලින් 81 සහ 71 වැනි ස්ථානයේ පසුවන අතර 121වන ස්ථානයේ පසුවන්නේ යේමනයයි. බුරුන්ඩි, සෝමාලියාව, දකුණු සුඩානය සහ සිරියාව ඇතුළු රටවල් 15 ක් සඳහා දත්ත නොමැතිකම හේතුවෙන් ශ්‍රේණිගත කිරීම් තීරණය කළ නොහැකි බව වාර්තාව පවසනවා. සාගින්න අවම තත්ත්වයේ පසුවන එනම් දර්ශකයේ පළමු තැන හිමිව තිබෙන්නේ බෙලරූස් රාජ්‍යයටයි, දෙවන ස්ථානය Bosnia & Herzegovina ට හිමිව ඇති අතර 03වන සහ හතරවන ස්ථානවල පිළිවෙලින් පසුවන්නේ චිලී රාජ්‍යය සහ චීනයයි.

එහි දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ සාගින්න පවතින්නේ මධ්‍යස්ථ මට්ටමකයි.

Screenshot 2022 10 15 150232 1536x761 1
Screenshot 2022 10 15 150314 1536x751 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?