spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝල්ෆේස් ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී

ගාලුමුවදොර විරෝධතාකරුවාන් විසිරුවා හැරීමට ඊයේ (21) රාත්‍රියේ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හෙළා දැක තිබෙනවා.

ඒ, ට්විටර් පණිවුඩයක් සිය නිල ට්විටර් ගිණුමට එක්කරමින්.

එම ට්විටර් පණිවුඩයේ ඔහු දක්වා ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන් විරෝධතා දක්වමින් සිටි ස්ථානවලින් ඉවත් වීමට තීරණය කර තිබුණු පසුබිමක ඔවුන්ට එල්ල වූ ප්‍රහාරය තමා දකින්නේ බියගුලු ප්‍රහාරයක් ලෙස බවයි.

අහිංසක ජීවිත අවදානමට ලක් කරමින්, ශ්‍රී ලංකාව තීරණාත්මක සංධිස්ථානයක සිටින මෙම අවස්ථාවේ දී සිදු වූ මෙම පහරදීම ජාත්‍යන්තරය හමුවේ මෙරට ප්‍රතිරූපය අනතුරේ හෙළන්නක් බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

එය තිරශ්චීන ආකාරයට බලය ප්‍රදර්ශනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා එම පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?