ගෝල්ෆේස් ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී

ගාලුමුවදොර විරෝධතාකරුවාන් විසිරුවා හැරීමට ඊයේ (21) රාත්‍රියේ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හෙළා දැක තිබෙනවා.

ඒ, ට්විටර් පණිවුඩයක් සිය නිල ට්විටර් ගිණුමට එක්කරමින්.

එම ට්විටර් පණිවුඩයේ ඔහු දක්වා ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන් විරෝධතා දක්වමින් සිටි ස්ථානවලින් ඉවත් වීමට තීරණය කර තිබුණු පසුබිමක ඔවුන්ට එල්ල වූ ප්‍රහාරය තමා දකින්නේ බියගුලු ප්‍රහාරයක් ලෙස බවයි.

අහිංසක ජීවිත අවදානමට ලක් කරමින්, ශ්‍රී ලංකාව තීරණාත්මක සංධිස්ථානයක සිටින මෙම අවස්ථාවේ දී සිදු වූ මෙම පහරදීම ජාත්‍යන්තරය හමුවේ මෙරට ප්‍රතිරූපය අනතුරේ හෙළන්නක් බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

එය තිරශ්චීන ආකාරයට බලය ප්‍රදර්ශනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා එම පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

13


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10