ගොවි ජනතාවගෙන් කිසිදු ආකාරයක ජල බද්දක් අය කිරීමට රජය අපේක්ෂා නොකරන බව වනජීවී, වන සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී පැවැති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූවේ ජල ප්‍රතිපත්තියක් සැකසීම සඳහා යෝජනාවක් පමණක් ඉදිරිපත් වී ඇති බවයි.
වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ ක්ෂේත්රයේ හා සම්බන්ධ ගොවි ගැටළු නිරාකරණය කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා.
ඊට අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ගොවි සංවිධාන නියෝජිතයින් එක්ව සිටියා.
එහිදී වී මිලදී ගැනීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් වැව් රක්ෂිතවල පවතින අනවසර ඉදිකිරීම් සහ අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් ඉදිපත් වූ අතර, ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කැඳවීමට ද අමාත්‍යවරිය වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්වරායට නියම කළා













