ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් 149ක් කොවිඩ් නිසා මියයයි

කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් 60ක් පමණ මේ වන විට මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියා.

එම මරණ සියල්ල ම කොවිඩ් තුන් වන රැල්ලේ සිදු වූ මරණ බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර සිටියා.

මිට අමතරව අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙකු ද කොරෝනා අසාදනය වී මියගොස් ඇති බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ගර්භණී මව්වරුන්ට බූස්ටර් මාත්‍රාව ලබා ගත හැකි බව ද වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය ප්‍රකාශ කර සිටියා.

“බූස්ටර් මාත්‍රාව ලබා ගන්න කලින් Sinopharm හෝ වෙනත් එන්නත් දෙකක් ගර්භණී වීමට පෙර ලබාගෙන තියෙනවා නම් ඊළඟ ගර්භණී අවස්ථාවේ දී මේ මව්වරුන්ට ෆයිසර් බූස්ටර් මාත්‍රාවක් ලබාගෙන රෝගයෙන් ආරක්ෂා වීමට පුළුවන්.” ඇය සඳහන් කර සිටියා.

  1. ඔය එක එක එව කියල මිනිස්සු උසිගන්වලා අනින්න හදන්නේ. මෙයාලගෙ මුලිකම දේ මිනිස්සු බිය වැද්දිම. බය කර බලෙන් විදිම.
    කිසිවෙකු බිය නොවන්න ලංකාවේ උත්තරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවේ 10,11,12 155(2) යටතේ කවදාවත් එන්නතක් අනිවාර්ය කල නොහැකි. ⁣
    දණ්ඩ නිති සංග්‍රහය, ජනාධිපති, හමුදාපති,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යන අය සියලුම අය උතතරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට පහතින් ඇත්තේ. එමෙන්ම ඒ අය
    ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතුය. අනිවාර්ය කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක්(මහජන ජන්දයක්) අත්‍යවශ්‍යයි. (ලංකාවෙ නිතිය ගැන දැනුවත් වෙන්න.) අධ්‍යක්ෂ ජනරාල් 2021/07/05 දින HRC/1132/21 යන ලිපියෙන් එන්නත පමණක් නොව කොරෝනා සදහා තමා කැමති වෛද්‍යක්‍රමයක් තුලින් ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය තහවුරු කර ඇත. එන්නතක් විදින්න යැයි ලංකාවේ නිතිය අනුව අනිවාර්ය කල නොහැක. ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආයුර්වේද පනත සහ හෝමියෝපති යන වෛද්‍යක්‍රම මගින් ඕනැම වෛද්‍යක්‍රමයක් තෝරාගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් පවතී. එකම වෛද්‍යක්‍රමයක් නම් කර මෙම ක්‍රමයම ලබා ගත යුතු යැයි බල ⁣කල නොහැක.

    ආසාදිතයින් ගනන නම් යම් මට්ටමකට ගන්න ගත හැක. එහෙත් PCR පරීක්ෂණය ගැන සැක මතු වේ. මන්ද පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද?
    මරණ සංඛ්‍යාව නම් කොරෝනා හේතුවෙන් මිය ගියා යැයි කිව්වට විශ්වාස කල නොහැක. මන්ද වාහනය හැපි මියගියත්, හෘදයාබාධයකින් හෝ වෙනත් දීර්ඝකාලීන ⁣රෝගයක් නිසාවෙන් මිය ගියත් මිය ගිය පසු මෘත ශරිරයේ PCR පරීක්ෂණයකට භාජනයක කර එහිදි PCR positive වුනහොත් කොරෝනා වලින් මිය ගිය ලැස්තුවට එකතු කරනු ලබයි. ඔහොම තමයි මෙයාල මරණ සංඛ්‍යාව වැඩි කරල පෙන්නල අලුත් ප්‍රභේද කියල එක එක නම් දාල ජනතාව බය කරල එකම විසදුම 💉 කියල Graphene oxide විස සහිත 💉 ශරිර ගත කරන්නෙ. මරණ සංඛ්‍යාව වැඩි කරල මිනිස්සු රවටුවා ඇති දැන් මිනිස්සු booster ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවා ගනිමු. 🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23