ගාමිණී ලොකුගේට සහ ජගත් කුමාරට සභාපති ධුර

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි ‘විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ සභාපති ධුරයට සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගාමිණී ලොකුගේ තේරී පත් වී තිබෙනවා.

සංශෝධිත ස්ථාවර නියෝග අනුව අභිනවයෙන් පිහිටවූ ‘විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ සභාපතිවරයා තේරී පත් වූයේ උදයන කිරිදිගොඩ සහ ජේ .සී. අලවතුවලගේ යෝජනා ස්ථිරත්වයෙන්.

‘විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපති ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා පවසා සිටියේ නව ආංශික අධීක්ෂණ කාරක සභාවක් වන ‘විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව’ මගින් ආණ්ඩුවේ වැඩකටයුතු පිළිබදව වඩාත් විනිවිදබවකින් යුතුව සොයාබැලීමටත් ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු කටයුතුවලදී අවශ්‍ය උපදෙස් ලබාදීමටත් අපේක්ෂා කරන බවයි.

මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභාවාරයට අදාළව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ තේරී පත් වූයේ යදාමිණි ගුණවර්ධන සහ ජයන්ත කැටගොඩගේ යෝජනා ස්ථිරත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වූ නව සභාපතිවරයා පවසා සිටියේ මහජන පෙත්සම් කාරක සභාවෙන් මීට පෙර ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොවූ අවස්ථා පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

මහජනතාවට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමා මීට පෙර ද කටයුතු කළ අතර ඉදිරියේදීත් ඒ සඳහා කැප වන බව ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56