spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගාමිණී ලොකුගේට සහ ජගත් කුමාරට සභාපති ධුර

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි ‘විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ සභාපති ධුරයට සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගාමිණී ලොකුගේ තේරී පත් වී තිබෙනවා.

සංශෝධිත ස්ථාවර නියෝග අනුව අභිනවයෙන් පිහිටවූ ‘විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ සභාපතිවරයා තේරී පත් වූයේ උදයන කිරිදිගොඩ සහ ජේ .සී. අලවතුවලගේ යෝජනා ස්ථිරත්වයෙන්.

‘විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපති ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා පවසා සිටියේ නව ආංශික අධීක්ෂණ කාරක සභාවක් වන ‘විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව’ මගින් ආණ්ඩුවේ වැඩකටයුතු පිළිබදව වඩාත් විනිවිදබවකින් යුතුව සොයාබැලීමටත් ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු කටයුතුවලදී අවශ්‍ය උපදෙස් ලබාදීමටත් අපේක්ෂා කරන බවයි.

මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභාවාරයට අදාළව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ තේරී පත් වූයේ යදාමිණි ගුණවර්ධන සහ ජයන්ත කැටගොඩගේ යෝජනා ස්ථිරත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වූ නව සභාපතිවරයා පවසා සිටියේ මහජන පෙත්සම් කාරක සභාවෙන් මීට පෙර ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොවූ අවස්ථා පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

මහජනතාවට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමා මීට පෙර ද කටයුතු කළ අතර ඉදිරියේදීත් ඒ සඳහා කැප වන බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?