ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පුද්ගලයෙක් අවසන් ගමන් යවලා

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී ඊයේ (20) දින රාත්‍රීයේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.

මරණකරු අවුරුදු 31 ක් වූ මෝදර උයන මහල් නිවාසය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්