කෝලි ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහු දැනටමත් තම තීරණය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ඉහළ පෙළේ නිලධාරීන් එම තීරණය නැවත සලකා බලන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

එංගලන්තය සමඟ තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ඉදිරියේ දී පැමිණීමට ද නියමිත බැවින් තීරණය පිළිබඳව ඒ නැවත සිතා බලන ලෙස කෝලිගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන කෝලි ටෙස්ට් තරඟ 123 කට සහභාගී වී ඇති අතර, 46.85ක සාමාන්‍යයකින් ලකුණු 9,230ක් රැස් කරගෙන සිටිනවා.

මේ අතර ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා ද පසුගියදා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33