කෝටියකට වැඩියෙන් වටිනා බීඩී කොළ කිලෝ දහසක් මීරිගමින් අල්ලයි

තීරුබදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද, රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 1096ක තොගයක් පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව පල්ලෙවෙල, හිරිවල ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බීඩි කොළ තොගය සොයාගැනීමට පොලිසියට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මීරිගම, හිරිවල ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මෙම බීඩි කොළ තොගය සඟවා තිබූ බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙය කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දීර්ඝ කාලයක සිට මෙහෙයවනු ලබන ජාවාරම් ජාලයක කොටසක් බවයි.

මෙම බීඩි කොළ තොගය මෙරට මුහුදු තීරය ඔස්සේ බෝට්ටු මගින් ප්‍රවාහනය කර, ආරක්ෂක අංශ මඟහරිමින් රහසිගතව ගෙනවිත් ඇති බවට පොලිසිය සැක කරනවා.

මෙම ජාවාරම් ජාලයට සම්බන්ධ සෙසු සැකකරුවන් කවුරුන්ද යන්න හඳුනාගැනීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43