spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ඉඩම් මිලේ වෙනසක්

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල මිල ගණන් කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකයේ අගය 17%ක වාර්ෂික වැඩිවීමක් පෙන්නුම් කරමින්, දර්ශක අංක 186.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

මෙලෙස ඉඩම් තක්සේරු දර්ශකයේ ඉහළයාම නේවාසික, වාණිජ හා කාර්මික යන අනුදර්ශක තුනෙහිම ඉහළයාමේ ප්‍රතිඵලයක් බව මහ බැංකුව පවසයි.

මෙහිදී කාර්මික ඉඩම් මිල 20.6% ක වාර්ෂික වර්ධනයක් සමඟ වැඩිම ප්‍රතිශතයකින් ඉහළයාමක් පෙන්නුම් කරණ අතර,ඉන් පසුව අනුපිළිවෙලින් වාණිජ හා නේවාසික ඉඩම් මිල ඉහළයාමක් පෙන්නුම් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?