කොළඹට බිත්තර නිකුත් කරන දවස අදයි

ඉන්දියාවේ සිට පසුගිය 19 වනදා මෙරටට ආනයනය කළ මිලියනයක බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාව අද (24) දිනයේ දී සිදුකරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළා.

මේ අතර පසුගිය 15 වනදා මෙරටට ආනයනය කළ බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාවේ වාර්තාව ද අද (24) දිනයේ ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව එම බිත්තර තොගය අද (24) දිනයේම මුදාහැරීමට හැකියාව පවතින බවයි රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ.

එලෙස මුදාහැරීමට නියමිත බිත්තර තොගය කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි සහ හෝටල් කර්මාන්තකරුවන් වෙත නිකුත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්