කොදෙව් සුපිරි පිතිකරුවාට සිව් වසරක තරග තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ජෝන් කැම්බල්ට වසර හතරක තරග තහනමක් පනවා තිබෙනවා.

ජැමෙයිකානු තහනම් උත්තේජක මර්දන කොමිසම විසින් කැම්බල්ට මෙම තරග තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට මෙම තරග තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදී කිංග්ස්ටන්හි පිහිටි ඔහුගේ නිවසේදී රුධිර සාම්පලයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව බවයි ජැමෙයිකානු තහනම් උත්තේජක මර්දන කොමිසම පැවසුවේ.

29 හැවිරිදි වියේ පසුවන කැම්බල් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 20කට, එක්දින තරග 06කට සහ විස්සයි විස්ස තරග දෙකකට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය පසුගිය ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරඟයයි.

මෙම සුපිරි පිතිකරුවාගේ ක්‍රීඩා දිවියේ වටිනාම වසර 04ක කාලයක් මෙලෙස තරග තහනමකට ලක්වීම ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවයි ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?