කොණ්ඩය කොටට ම කැපූ තරහට පාසල් සිසුවා දියදිවි නසාගෙන

තම කොණ්ඩය කැපීම නිසා කෝපයට පත් පාසල් සිසුවෙකු මහල් නිවාසයක ඉහළ මහලෙන් පැන සියදිවි හානි කරගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි ඉන්දීය පොලිසිය පැවසුවේ.

මෙම පිරිමි ළමයාගේ ඥාතියෙකු විසින් ඔහුව සැලූනයකට කැඳවාගෙන ගොස් ඔහුගේ කොණ්ඩය කොටට කපා දමා තිබෙනවා.

එහිදී කෝපයට සහ සිත් තැවුලට පත් මෙම සිසුවා පසුගිය අඟහරුවාදා රාත්‍රී 11.30ට පමණ ඔවුන් පදිංචිව සිටි භයන්දර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ 16 වැනි මහලේ නාන කාමරයේ ජනේලයෙන් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවා ලේ විලක් මැද වැටී සිටියදී හමුව ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවගාර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41