කොච්චිකඩේ – තෝප්පුව පාලමෙන් පැන පාසල් සිසුවෙක් අතුරුදන්

කොච්චිකඩේ – තෝප්පුව පාලමෙන් මා ඔයට පැන ඊයේ (12) දහවල් පාසල් සිසුවෙක් අතරුදන්ව තිබෙනවා.

මෙලෙස මා ඔයට පැන ඇත්තේ 17 හැවිරිදි මෙම පාසල් සිසුවෙක් බවයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේ.

මෙම පාසල් සිසුවා මඩම්පැල්ල – අකරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මෙම සිසුවා මීට පෙර තවත් සිසුවෙකුගේ ජංගම දුරකථනයකට හානිකර ඇති අතර එම අලාභය වෙනුවෙන් වන මුදල් කොටස් වශයෙන් ගෙවීමටයි දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණ ඇත්තේ.

ඒ, අනුව එලෙස ගෙවීමට තිබූ මුදල්වලින් කොටසක් ලබාදීමට යන බව පවසමින් නිවසින් පිටත්ව ඇති මෙම සිසුවා මෙලෙස තෝප්පුව පාලමෙන් මා ඔයට පැන ඇති බවයි හෙළිව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින් කොච්චිකඩේ පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේ අතුරුදන් වූ සිසුවා සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16