spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසර අග ජනතා අයිතියට

කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසරේ සැප්තැම්බර් අගවන විට ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තුවන බව මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු කළ මුදල ප්‍රමාණවත් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අදාළ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70ක් පමණ මේ වන විට අවසන්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය හරහා වරාය නගරය දක්වා දිවෙන කිලෝමීටර් 5.3ක දිගකින් යුත් මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?