කිවියන්ට අභියෝග ගත ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහ නවසීලන්තය අතර තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06 කට ලකුණු 182ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් සහ පැතුම් නිස්සංක ලකුණු 25ක් රැස් කිරීමට සමත් වුණා.

පැතුම්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි කුසල් පෙරේරා ලකුණු 33ක් ලබාගෙන සිටිය දී දුවද්දී දැවී ගියා.

ධනංජය ද සිල්වා වේගවත් ලකුණු 20ක් රැස්කළේ පන්දු 09කට මුහුණ දෙමින්.

පන්දු යැවීමේ දී බෙන් ලිස්ටර් කඩුලු 02ක් බිද දැමුවා.

මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක් ඒ අනුව හිමිව තිබෙනවා.

තරගාවලිය ජය ගැනීමට නම් මෙම තරගයේ ජය දෙපිළටම තීරණාත්මක වන්නේ දෙපිළම මේ වනවිට එක් තරගය බැඟින් ජයගෙන සිටීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57