කියන තරම් ඖෂධ හිගයක් නැති බව කෙහෙළිය රඔුක්වැල්ල පවසයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පල වුවද එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නැති බව සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා මෙම තොරතුරු සඳහන් කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පල වුවද එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නැත. ලබා දීමට නොහැකි වුවහොත් රෝගීන් මරණයට පත්විය හැකි ඖෂධ වර්ග 14 ක් තිබේ. එකී ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් නැත.ජලභීතිකා රෝගයට දෙන එන්නත්වල යම් අඩුවක් දක්නට ලැබුණද එයද මේ වන විට රෝහල්වලට සපයා ඇත.ඒ හැර හෙට (22දා) ජලභීතිකා එන්නත් මාත්‍රා 25,000 ක් ලැබෙන අතර ලබන මස මුල් සතිය වන විට චීන රජයෙන් තවත් එන්නත් ලක්ෂයක් ලැබීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

තවත් අත්‍යාවශ්‍ය ඖෂධවර්ග 664 ක් ඇත. ඉන් ඖෂධ වර්ග51 ක හිඟයක් කලින් තිබිණ.එයද දැන්49 දක්වා අඩු වී ඇති අතර හිඟය ඉක්මනින්ම අවසන් කිරීමට පිළිවන. එම බෙහෙත්වලට විකල්ප බෙහෙත් වර්ග ගණනාවක් ඇති බැවින් රෝහල් වෙත පැමිණෙන ඕනෑම අසාධ්‍ය රෝගියෙකුටප්‍රතිකාර කිරීමේ හැකියාව රෝහල් සතුව පවතී.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා අපගේ මිත්‍ර රටවල් විශාල වශයෙන් ආධාර දීමට ඉදිරිපත්ව සිටිනවා. අපට වාර්ෂිකව බෙහෙත් ආනයනය සඳහා ඇ.ඩො.මි. 260 කට ආසන්න මුදලක් වැයවේ. මේ වන විට විවිධ ක්ෂේත්‍රවලින් ඇ.ඩො.මි.49 ක් අපට ලැබී තිබෙනවා. මීට අමතරව ඊයේ (20දා) ඕස්ට්‍රේලියානු රජයෙන් ඇ.ඩො.මි. 50 ක ආධාර මුදලක් සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය ආහාර වර්ග සපයා ගැනීම සඳහා ලබා දී ඇත. තවත් ඇ.ඩො.මි. 500 කට ආසන්න මුදලක් ලැබීමට නියමිතයි. ඉන් ඇ.ඩො.මි. 85 ක් දැනමටත් ලැබී ඇතැයි රඔුක්වැල්ල මහතා සඳහන් කළේය.

කලින් ලැබුණ ඩොලර් මිලියන 23 ට අමතරව අලුතෙන් ඇ.ඩො.මි. 50 ක් ලැබී ඇත. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මි. 66 ක් ලැබී තිබෙනවා. ආසියානු සංවර්ධන හා යටිතල පහසුකම් ආයතනයෙන් ඇ.ඩො.මි. 100 ක් සහ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇ.ඩො.මි.200 ක් ලබා දී ඇත.

ලබන අගෝස්තු මාසය වනතුරු යම් දුෂ්කරතා පැවතියද 2023 මැද හෝ වසර 2024 ට ආසන්න වනතුරු කිසිම අවස්ථාවක බෙහෙත් හිඟයක් ශ්‍රී ලංකාවේ ඇතිවිය නොහැකි බව අමාත්‍ය රඔුක්වැල්ල මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය තාක්ෂණික සේවා සෞඛ්‍ය ප්‍රදාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හන්දානි යන මහත්වරුද සාකච්ඡාවට සහභාගී වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17