කිඹුලාවල STREET FOOD අලෙවිසැල් දින 14ක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමක්

දින 14ක් ඇතුළත කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩහිමියන්ට දැනුම් දී තිබෙනවා

මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මෙම කිඹුලාවල STREET FOOD අලෙවිසැල් හේතුවෙන් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් කඩහිමියන් සඳහන් කර සිටියේ යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බවයි. මීට පෙර ද මෙම කඩ ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩහිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබා දී තිබිණා