කැන්ඩොස් ‘රස සිත්තම්’ අරමු‍දලෙන් සිසුන් 500කට වැඩි පිරිසකට පොත්පත්

නව පාසල් වාරය ආරම්භ වීමත් සමග දරුවන්ට අත්‍යවශ්‍ය වන පොත් මිලදීගැනීමට සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුව තිබීම මේ දිනවල මාපියන් මුහුණදෙන දැවැන්ත අභියෝගයක් වී ඇත. ලිපි ද්‍රව්‍ය වල මිල දෙතුන් ගුණයකින් ඉහළ යාමත් සමඟ ජීවිතය ගැටගසා ගැනීමට අත්‍යවශ්‍යවන කෑමබීම වලට අධික මුදලක් වැය කරන මාපියන්ට, හෙට දවසේ තම දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා වූ පහසුකම් සපයාදීම ගැන දෙගිඩියාවෙන් පසුවන්නට සිදුවී ඇත.

2021 ලෝක ළමා දිනය මුල්කරගනිමින් කැන්ඩොස් ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගනිමින් අඩුපහසුකම් යටතේ අධ්‍යාපනය ලබන දැයේ දුවා දරුවන් වෙනුවෙන් සමාජ සත්කාර ව්‍යාපෘතියක් දියත් කළේ එවන් පසුබිමකය.

දරුවන්ගේ මුවට සිනාවක් ගෙනදෙමින් ‘පාට නොවූ මල් කැකුළුවල ජීවිත පාට කරමු’ යන තේමාවෙන් යුතුව කැන්ඩොස් ‘රස සිත්තම්’ චිත්‍ර තරඟය 2021 ලෝක ළමා දිනයට සමගාමීව ද දියත් විය‍.
දැයේ දුවා දරුවන්ගේ සැඟවුණු නිර්මාණාත්මක හැකියාවන් පෙන්වාදෙමින් වයස අවුරුදු 12 ට අඩු දරුවන් වෙනුවෙන් පැවැත්වුණු ‘රස සිත්තම්’ තරඟයෙන් ජයග්‍රහණය ලැබූ සිතුවම් අලංකාර කැන්ඩොස් ‍චොක්ලට් දවටන බවට පත්වූ අතර පුංචි මල් කැකුළු වල සැඟව පැවති දස්කම් මෙමගින් ලෝකයටම දැකගන්නට හැකිවිය.‍ මෙම චොක්ලට් අලෙවියෙන් ලැබූ ආදායමෙන් ගොඩනැගූ අරමුදල අඩුපහසුකම් යටතේ අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු උපකරණ ලබාදීමට දායක කරගනියි.

2022 ලෝක ළමා දිනයට සමගාමීව දියත් වූ කැන්ඩොස් ‘රස සිත්තම්’ චොක්ලට් අලෙවියෙන් ‍මෙවර උපයාගත් රුපියල් මිලියන 1.5 ක අරමුදලෙන් අධ්‍යාපනය ලබන 500 කට වැඩි දරුවන් පිරිසකට වසරකට අවශ්‍ය පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ ලබාදීමට කටයුතු කර ඇත. එම සද්කාර්යය ඊයේ (29) දින බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සංකේතාත්මකව තෝරාගත් පාසල් තුනක් වන කො/සද්ධර්මෝදය විද්‍යාලය, කො/මහාමාත්‍ය විදුහල හා කො/තන්නිනායගම් යන විදුහල් සඳහා පොත්පත් බෙදා දීම සනිටුහන් කෙරුණු අතර මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – ඊ.ඩබ්ලිව්.එල්.කේ‍. එගොඩවෙල, අධ්‍යක්ෂ අධ්‍යාපන (පාසල් කටයුතු) – පී.ඩබ්ලිව්. අමරදිවාකර මෙන්ම උපාලි සමූහ ව්‍යාපාරය වෙනුවෙන් මූල්‍ය අධ්‍යක් – ලහිරු ගුණසේකර, අලෙවි අධ්‍යක්ෂ – කරිෂ්මා වෙල්ගම, සාමාන්‍යාධිකාරී අලෙවි – ඉන්දික රණසිංහ, සන්නාම කළමනාකරු – විමුක්ති කෞෂල්‍ය යන මහත්ම මහත්මීන් මෙන්ම අරමුදල්ලාභී පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු දුවා දරුවන් එක්වී සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59