එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.
ඒ, අනුව කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
මෙම තරගය පැවැත්වෙන්නේ ලක්නව් හිදීයි.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.
ඒ, අනුව චාමික කරුණාරත්න සහ ලහිරු කුමාර අද තරගය සඳහා කැඳවා ඇති බවයි කුසල් මෙන්ඩිස් සඳහන් කළේ.
පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මධුසංක
මේ අතර මෙම තරගය සඳහා දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ කණ්ඩායම ම ක්‍රීඩා කරන බවයි ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පැවසුවේ.














RILAWU GEWAL HADANAWA WAGEYI THAMAYI. KAPUTU KUDU WAGEYI THAMAYI, KOHA GE WEDA KARANNE. TEAM BUILDUP EKA TEAM SPIRIT EKA BUILD UP WENNAWATH WELAWAK NAHE. EHENA ADHINA MEHEN GAHANAWA, WALIGEN ADHINATA, TOKU ANINAWA. ANE MANDHA KAWADHA HADEYI DHA APE CRICKET ME KALAKANN DESHAPALU MUSALA NILADHARI NISA.