කාලගෝට්ටියක් වූ පොළොන්නරුවේ සංගීතය (වීඩියෝ)

පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් අතර තුර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙරට ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ප්‍රසංගයට සහභාගී වන බව දන්වමින් සංවිධායකයින් විසින් මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ප්‍රසංගය නැරඹීම සඳහා රුපියල් 1,500ක මිලකට ප්‍රවේශ පත්‍රයක් ද අලෙවිකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රාත්‍රී 8.00ට පමණ අරඹා ඇති මෙම ප්‍රසංගයේ මුල් ගීත කිහිපය සංගීත කණ්ඩායම විසින් ගායනා කර ඇති අතර, ප්‍රසංගයේ ගීතවත් වීමට පැමිණෙන බවට සංවිධායකයින් විසින් දන්වා තිබූ ජනප්‍රිය ගායක ගායිකාවන් නොපැමිණිමත් සමඟ එය නැරඹීමට පැමිණි පිරිස මෙලෙස කළහාකාරී ලෙස හැසිරී තිබෙනවා.

පසුව නිවේදකයා විසින් සිදුව ඇති දේ ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස් වෙත දැනුම්දීමට කටයුතු කර ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ සංගිත කණ්ඩායමට, වේදිකාවට සහ ශබ්ද පරිපාලන යන්ත්‍ර සඳහා මුදල් ලබානොදී සංවිධායකින් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

https://youtu.be/rQO3Uk7k754


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05