spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළුතර දී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කළුතර, පලාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, ගොඩපරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටී සුජිත් ධර්මසේන නමැති 43 හැවිරිදි අවිවාහකයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා නිවස ආසන්න මාර්ගයේ ඇවිද යමින් සිටියදී ඔහුගේ හිසට සහ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි ව්මර්ශණ වල දී අනාවරණය වී ඇත්තේ.

පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?