කඳාන ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි තැබූ සිද්ධියේ අයෙක් STF අත්අඩංගුවට

කඳාන පොලිස් වසමේ පියෝ මාවතේ පිහිටි නිවසකට පසුගිය (04) වනදා උදෑසන සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කඳාන – ෆාතිමා මාවත ප්‍රදේශයේ ඊයේ (06) සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

26 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 350ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මොහු මේ වනවිට විදේශගතව සැඟව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රසික චමෝද් නොහොත් චූටි මල්ලී යන අන්වර්ථ නාමයෙන් හඳුවන්වන පුද්ගලයාගේ සමීපතමයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය 04 වනදා උදෑසන 6.10ට පමණ කඳාන – පියෝ මාවත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර T56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර තිබුණා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ අතර, වෙඩි තැබීම සිදුකරන ආකාරය අසළ තිබූ ආරක්‍ෂිත කැමරාවල ද සටහන්ව තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවස ව්‍යාපාරිකයෙකුට අයත් එකක් වන අතර, සැකකරුවන් ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති වූ සිද්ධියක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පසුව අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !