spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඩිමුඩියේ මැතිවරණය ක්‍රමය වෙනස් කරන්න ආණ්ඩුව සුදානමින් (වීඩියෝ)

මේ වන විට ආණ්ඩුව විසින් ඉතා ඉක්මනින් එකසිය හැට සහ හැටපහ අනුපාතයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා සංශෝධන ගෙන ඒමට සුදානම්වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

මෙය ජනාධිපවරයා පත්කළ මැතිවරණ සංශෝධන කමිටුවෙන් හෝ දේශපාලන පක්ෂවලින් පැමිණි අදහසක් නොවන බවත්
පුද්ගලයන් කිහිපදෙනෙකුගේ වුවමනාවට ක්‍රියාතමක කිරීම සදහා සූදානම් වන දෙයක් වන බවත් ඔහු සදහන් කළා.

සමානුපාතික ක්‍රමය ඉවත් කර මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් විසිරැණු ඡන්ද පදනමක් ඇති කුඩා පක්ෂ සියල්ලම විනාශ වී ප්‍රධාන පක්ෂ දෙකක් මත පමනක් ඡන්ද දායකයින් රොක්වන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව පැවසුවේ ඊයේ (23) දින මොණරාගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?