කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරීන් පිරිසකට කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේවය කරන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසනවා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට බවත් ඔවුන්ට එම ප්‍රදේශයෙන් මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි ගුවන් තොටුපොළ සේවා සභාපතිවරයා සඳහන් කළේ.

මෙම ආරක්ෂක නිලධාරීන් පිරිස ඔවුන්ගේ නිවාස වලම සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ වනවිට එම ආරක්ෂක නිලධාරීන් සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපළ නිලධාරීන් පිරිසක් PCR පරීක්ෂණ සදහා ලක් කර ඇත.

මේ අතර හෙට දිනයේ දී තවත් කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් 140 දෙනෙකු PCR පරීක්ෂණ සදහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි  ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06
Video thumbnail
ෂෙඩ් එකේමල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
00:37
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
00:37
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
01:47
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:24
Video thumbnail
ඩෙංගු මා#රයා හා සමානයි වෘත්තීය සමිති විනාශ කරන වර්තමාන රජය - රජයට ඇත්තටම වැඩ බෑ කයිවාරු විතරයි
05:20
Video thumbnail
ගැමුණු ඇත්තටම බස් සංගමයේ සභාපති ද.. දෙපිටිකාට්ටු කතා කියනවා
05:56
Video thumbnail
26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
00:57
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21