කංසා වගා කරන්න විදෙස් ආයෝජකයන් 11ක්

ආයෝජන මණ්ඩලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම ලබන මාසයේ ආරම්භ කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පවසනවා

ආයෝජනය කිරීමට විදෙස් ආයෝජකයන් 11 දෙනෙකු කැමැත්ත පළ කර ඇති බවයි ඇය පැවසුවේ.

මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව වසර දෙක තුනක දී පමණක් රුපියල් බිලියන පහකට අධික ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇති බවයි ඇය පවසන්නේ