spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධවේදීන්ගේ සංකේත වර්ජනය හෙට උදෑසන 8ට අවසන්

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හෙට උඩසන 8ට අවසන් කෙරෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එම සංගමය අද පෙරවරු 8 සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිවයි.

අදාළ ගැටලුවට බලධාරීන් වහාම විසඳුමක් ලබාදීමට පියවර ගත යුතු බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

වෘත්තීයවේදීන් 126ක් සේවය කළ යුතු ඖෂධ නියාමන අධිකාරියේ දැනට සේවයේ නිරත වන්නේ ඖෂධවේදීන් 37ක් වන අතර ඔවුන් වසරක සේවා කාලයකටත් අඩු අත්දැකීම් නොමැති නිලධාරීන් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?