‘එයාර් චයිනා’ යළි ලංකාව බලා ගුවන් ගමන් අරඹයි (ඡායාරූප)

චීනයේ ජාතික ගුවන් සේවයවන “එයාර් චයිනා” ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ යළි ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයත් සමඟ එම ගුවන් සේවය මෙරට හා පැවති ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබුණා.

ඒ, අනුව යළි එම ගුවන් ගමන් අරඹමින් ඒ – 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ඊයේ ඒ සඳහා යොදවා තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එයාර් චයිනා ගුවන් සේවයේ සී.සී.ඒ.- 425 දරණ ගුවන් යානය මෙරටට පැමිණ තිබුණා.

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු මෙරටට පැමිණියා.

මේ අනුව ඉදිරියේ දී චීනයේ ජාතික ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම සදුදා , බදාදා සහ සිකුරාදා යන දිනවල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර, යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන්තොටුපොළ වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01