එතනෝල් තොගයක් හොරට ප්‍රවාහනය කරද්දී හසුවෙයි

ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් රවාහනය කළ එතනෝල් තොගයක් සහිතව පුද්ගලයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ලොරි රථය පිළිබඳ සැක සිතූ අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරින් විසින් එම ලොරි රථය පිටුපස හඹා ගොස් පරීක්ෂා කර තිබෙන අතර අඟුණකොළපැලැස්ස පිවිසුමෙන් එම ලොරි රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුලත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව කසාගල ප්‍රදේශයේදී එම ලොරි රථය නවතා පරීක්ෂා කිරිමේදී එතනෝල් ලීටර් 5,000 බැරල් 25ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකාර 35 හැවිරිදි ලොරි රථයේ රියදුරු කැලණිය, තොරණ හන්දිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව හඳුනා ගෙන ඇත.

වැඩිදුර විමර්ශන වීරවිල පොලිස් ස්ථානය විසින් සිදුකරයි.