එක් කෝටි දෙලක්ෂයක රන් ගෙන ආ කතක් ගුවන්තොටේ දී මාට්ටු (ඡායාරූප)

රුපියල් එක් කෝටි දෙලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව අද (28) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මෙම කාන්තාව නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නියක් බවටයි අනවවරණය වී ඇත්තේ.

මෙම කාන්තාව අද (28) අලුයම 03.00ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ඊ 1171 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක ග්‍රෑම් 587යි මිලි ග්‍රෑම් 316ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සඟවා තිබිය දී සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගය සහ කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

IMG 20230928 WA0052
IMG 20230928 WA0051
IMG 20230928 WA0049
IMG 20230928 WA0048


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10