spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තවමත් මම

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තනතුරෙන් තමන් තවමත් ඉවත් කර නොමැති බව මහින්ද අමරවීර ඇමතිවරයා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිට ලිපියක් මගින් දන්වා තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරෙන් මා ඉවත්කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් පත් කර ඇති බවට ප්‍රවෘත්තියක් ජනමාධ්‍ය මගින් දැන ගැනීමට ලැබී ඇති බවත් , මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශව පක්ෂයන්ගෙන් කරන ලඳ විමසීමකදී එකී පක්ෂ එවැනි වෙනස් කිරීමක් පිළිබඳව දැනුවත් වීමක් නොමැති බව ඔහු පවසනවා.

එසේ ඔහුව එම තනතුරින් ඉවත් කොට වෙනත් අයෙකු මෙම තනතුර සඳහා පත්කර ඇත්නම් එය ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන අතර, එම ක්‍රියාව ස්වාභාවික යුක්ති මුලධර්මයට පටහැනි බව ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ නිසා ඔහු තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අතර, ප්‍රධාන ලේකම් තනතුරෙහි වෙනස් වීමක් පිළිබඳ යම් දැනුම්දීමක් ලැබී ඇත්නම් ඒ සඳහා ක්‍රියා කිරීමෙන් වළකින ලෙසත් මහින්ද අමරවීර ඇමතිතුමා එම ලිපිය මඟින් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?