උසස් පෙළ විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීම් හෙට ඇරඹෙයි

උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ඇතුලු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 39කදී එම කටයුතු සිදු කෙරෙන බවයි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ලබන ජුලි මස 4 වනදා දක්වා මෙම ඇගයීම් කටයුතු සිදු කෙරෙන අතර ඒ සඳහා නගර 18ක පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට නියමිතයි.

මෙම ඇගයීම් කටයුතු අවසන් වීමෙන් අනතුරුව උසස් පෙළ විභාගයේ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විභාග ත්‍දපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
3
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !