උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි

පවතින වර්ෂාවත් සමග උල්හිටිය ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යන බැවින් එහි වාන් දොරටු හතම අද (12  )  රාත්‍රී හත  සිට විවෘත කළ බව උල් හිටිය ජලාශ  ස්ථාන භාර  නිලධාරීවරයා පැවසීය.

මේ හේතුවෙන් රොටලවෙල, තෙල්දෙණියාව, අළුයටවෙල,  දිවුල පැලැස්ස යන ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.

 උල් හිටිය ජලාශයේ වාන් දොරටු හතම මීටර් බින්දුවයි දශම තුනක් විවෘත කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

 මේ නිසා පහළ රත්කිඳ සිට ගිරාදුරු කෝට්ටේ දක්වා ඇති මාර්ගයේ රත්කිද කෝසුව ජලයෙන් යටවන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය  ජනතාවගෙන් ඉල්ලා සිටී.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?