උතුරේ ඩෙංගු හිස ඔසවයි

මෙම වසරේදී උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් 1326 දෙනකු හඳුනාගෙන ඇති බව පළාත් සොඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

මෙම වසරේදී ඩෙංගු රෝගීන් යාපනය දිස්ත්‍රික්කයෙන් 1121 , මන්නාරම දිස්ත්‍රික්කයෙන් 27 , කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් 51 , මුලතිව් දිස්ත්‍රික්කයෙන් 33 හා වවුනියාවෙන් 94 ක් වශයෙන් හදුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ හේතුවෙන් මරණ 02 ක් උතුරු පළාතෙන් වාර්තාවී ඇති අතර සොඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හැකි පමණින් විනාශ කොට මෙම තත්වය පාලනය කිරීමට සහයෝගය ලබා දෙන ලෙසයි.