උත්සව සමයේ එළවලු හිඟයක්

එලඹෙන උත්සව සමයේ එලවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසිරුවෙන් සැමරිමට සිදු වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි අනතුරු අඟවා සිටිනවා.

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී අද (11) දින මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ එලවළු සැපයුමේ අඩුවක් තියෙනවා, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට කදපොල සිතාඑලිය අඹේවෙල ප්‍රදේශවලින් එන එලවළු 60% පමණ අඩු වෙලා තියෙනවා.

” තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට එලවළු 20% පමණ ලැබිලා තියෙන්නේ. දඹුල්ලට 15% පමණ, මැනිං මාකට් එකට 25% පමණ ලැබිලා තියෙන්නේ.
මාස ගණනකට කලින් මම කිව්වා එලවළු හිගයක් එනවා කියලා ඒකට කවුරුත් හේතුව මොකක්ද කියලා විමසුවේ නැ.

උත්සව සමය අමාරුවෙන් තමයි සමරන්න වෙන්නේ. කැරට් කිලෝවක් රු 400 , ලික්ස් රු 300 ,ගෝවා රු 350 ඉතිහාසේ මේ විදිහට එලවළු මිල ඉහල ගිහින් නැහැ. තක්කාලි රු 350 , බෝංචි රු 350 ,අමු මිරිස් රු 650 , රජය රසායනික පොහොර ගෙන්විම නතර කල නිසා තමයි මේ විදිහට එලවළු මිල ඉහල ගිහින් තියෙන්නේ. තව මාස 6ක් 7ක් යනකොට මිල වඩා අර්බුධයකට මුහුණ පාන්න වෙනවා.

එලවළු පැලයකින් ඵලදාව ගන්න මාස 4 පමණ යනවා. රසායනික පොහොර නොමැති විම නිසා අප්රේගල් මස කියලා විශේෂයක් නැහැ. ජුනි ජුලි වෙනකම් එලවළු හිගයක් පවතිනවා. අපි අවුරදු ගණනාවක් වගා කරපු අය. කාබනික වගාව අද අසාර්ථක වෙලා තියෙනවා.කාබනික වගාව සම්බන්ධයෙන් ගොවින් දැනුවත් කරලා නැහැ. රජය පොරොන්දු වුනා ඉක්මනින් රසායනික පොහොර සහ රසයනික ද්‍රව්‍යදෙනවා කියලා.

දැන් කියනවා අප්‍රේල් මාසය වෙනකම් පොහොර එන්නේ නැ කියලා. මේකට රජය විසදුමක් දුන්නේ නැත්තම්, ජනවාරි වන විට පොහොර දුන්නේ නැත්තම් ලොකු අර්බුධයකට රට යනවා. ගොවින්ගේ ආර්ථිකය කඩා වැටිලා , නුවරඑලියේ ව්‍යාපාර 99% පවතින්නේ එලවළු ව්‍යාපාරයෙන්. ඒක සැම කේෂ්ත්‍රයට බලපානවා. රජය කඩනමින් පොහොර ලබාදුන්නේ නැත්තම් මේ අර්බුදය විශාල අර්බුදයක් වෙනවා යනුවෙන්” සඳහන් කර සිටියේ.

මේ අතර එලවළු වෙදාමට විශාල මුදලක් වැය කිරිමට සිදු වන බවත්, එලවළු වෙලදාමෙන් තමන් පාඩු ලබන නිසා එලවළු වෙදාමෙන් ඉවත් විමට සිදු වි ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු ගොවින් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16