ඉනිම් 42කට පසු කෝලිගේ පිත්තෙන් ටෙස්ට් ශතකයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය 27 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය රැස් කිරීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමත් වුණා.

විරාට් කෝලිගේ පිත්තෙන් ටෙස්ට් ශතකයක් වාර්තා වුණේ වසර 2019 නොවැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.

ඒ, අනුව කෝලි අවසන් වරට රැස්කළ ටෙස්ට් ශතකයෙන් පසු මෙම ශතකට රැස් කළේ ඉනිම 42කට පසුවයි.

මෙහිදී ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් විරාට් කෝලි පන්දු 364ක් තුළ ලකුණු 186ක් රැස් කිරීමට සමත් වූ අතර, මෙහිදී ටොඩ් මර්ෆිගේ පන්දුවකට මාර්නස් ලැබුස්චේන් අතට උඩපන්දුවක් දී දැවීයාමෙන් ඔහුගේ 08 වැනි ද්විත්ව ශතකය වාසනාවන්ත ලෙස අහිමිව ගියා.

විරාට් කෝලිගේ මෙම සුපිරි ඉනිම වෙනුවෙන් ක්‍රිකට් ලෝකයේ සුපිරි තරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට සුබපතා තිබූ ආකාරය ද දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14